දඹදිව බලවත්ව පවතින හින්දු බමුණු චින්තනයට අභියෝග කරමින්, නව දර්ශනයක් මෙන්ම ජීවන පිළිවෙතක් ලොවට හඳුන්වාදුන් බුදුන් වහන්සේ සමකාලීනව ලොව ප්‍රචලිත බලවත් ම චරිතයක් විය. ආධ්‍යාත්මික ලෝකයේදී පමණක් නොව දේශපාලන ලෝකයේ දී ද ඒ බලවත් බව කැපී පෙණුනි. බුද්ධ ශාසනයට කිසිම නිල අනුග්‍රහයක් කවර කලකවත් ඉන්දියාවෙන් නොලැබණු විට, බුදුන් වහන්සේට ඒ අනුග්‍රහය ලැබෙන්නේ ලොව බලවත්ම පර්ෂියානු අධිරාජ්‍යයෙන් වීම ද, උන්වහන්සේ හිමි කරගත් දේශපාලන බලවත්කම මතු කරන්නකි. එසේ ලොවම දැන සිටින්නට ඇති බුදුන් වහන්සේගේ ලංකා ගමන් වලින් ඇඟවෙන ඉතාම වැදගත් කාරණයක් වන්නේ ලක්දිව ඒ වන විටත් පැහැදිළි ජාතික අනන්‍යතාවක් ලොවට ප්‍රකට කර තිබීමයි. එනම් තමන් කවර ජාතියක් ද තම භාෂාව කුමක්ද කියා ලක්වැසි ජනයා ඒ වන විටත් ලොවට දන්වා හමාරය.
1985 ජනවාරි මාසය තුළ පමණක් ලද විවිධ අත්දැකීම් ආදරයේ විවිධාකාර ප්‍රකාශයට පත්වීම් ලෙස හැෙඟ්. මනුෂ්‍යයන් තුළ ස්වභාවයෙන් ම දසාව ආදරය නොමඳව තිබේ. අවස්ථාව ලද සැණින් එය ප්‍රකාශයට පත් වෙයි. 1985 ජනවාරි 05 වන සෙනසුරාදා මා ගිය බස්රියට කුඩා දැරියක වඩා ගත් පියෙක් ගොඩ විය. බස්රිය සෙනඟින් පිරී තිබූ අතර කෙනෙකෙුට නැගිට ඉඩ දෙන්නටවත් හැකියාවක් නොවීය. සිටගෙන සිටි මම, දැරිය වඩාගෙන මට සමීප අසුනක හිඳ හුන් තරුණ කාන්තාවකගේ අතට ඇය දුනිමි. ඈ ඒ සිඟිති දැරිය දෝතින් ම උකුලට ගත්තේ ඉමහත් ආදරයෙනි. ආදරය යනු සැඟවිය හැකි දෙයක් නොවේ. බොහෝ විට හදවතේ ඇති එම හැඟීම මුහුණින් පවා ප්‍රකාශයට පත්වන බැවිණි.
”ආදරය” යන වචනය සැදෙන්නේ ”වෙතට”, ”පෙරළා” ”තෙක්” යන අර්ථ දෙන ”ආ” යන අව්‍ය පදය මුලින් යෙදී තැකීම, සැලකීම, ගෞරව කිරීම යන අර්ත දෙන ”දෘ” ධාතුවෙනි. මේ අනුව ”ආදරය” යනු යම් කෙනෙකු හෝ දෙයක් භෞතික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා තමා වෙත සමීප කොට ගෙන තැකීමයි, සැලකීමයි, ගෞරව කිරීමයි. ඒ ආදරය අප අසහනයට අපහසුවට පත් නොකරයි. එහෙත් ආදරය යැයි අප සිතා සිටින දෙය නම් වරෙක බන්ධනයක් ද විය හැකිය.
1985 ජනවාරි 15 වන දින විදුදය සරසවි බිමේදී එවක සමකාලීන සරසවි මිතුරන් ව සිටි පූජ්‍ය යතිරතන හිමි, පූජ්‍ය මහින්ද හිමි, වෙලගේ, ඔලිවර්, සුදර්ශී, බිම්බා සමඟ ”ආදරය’ ගැන කතා කළෙමි. ඒ අවස්ථාවේ සුදර්ශී සොයුරිය මෙසේ පැසුවා ය.
”වඩාත් සමීප ව කෙනෙක් ඇසුරු කරන එක වෙලාවකට හරි හිරිහැරයක්. එතකොට නිතරම ඔලූවට එන්නෙ ඒක. කිසිම දෙයකට වැඩි බැඳීමක් නැතිව හිටියම කිසි කරදරයක් නැහැ.”
සුදර්ශීගේ මේ ප‍්‍රකාශය බැඳීමෙන් තොර පිරිසිදු ආදරයක් පිළිබඳ ව වන පාඩමකි.
1985 ජනවාරි 18 වන සිකුරාදා රුවන්, සිරිල් හා බිම්බා යන මිතුරු මිතුරියන් සමඟ පිළිසඳරෙහි යෙදෙමින් දවස ගත කළෙමි. එදින රුවන් මෙසේ පැවසීය.
”අපි ජීවත් ව සිටින තුරු සුහද ව ඇසුරු කරමු.”
එහෙත් ඔහුගේ මේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන් ම සත්‍යයක් වූයේ නැත. ඇතැම් සුහදතා අතරමඟ බිඳ වැටිණි. රුවන්ගේ ප්‍රකාශයෙන් මා උගත් පාඩම වන්නේ ජීවිතයේ එක් අවස්ථාවක ඉමහත් හැඟීමකින් කරන ප‍්‍රකාශය වුව යථාර්ථයක් නොවීමට ඉඩ ඇති බවයි.
ඒ කෙසේ වෙතත් ”විවිධ වෙසින් ආ ආදරය” ගැන ලියැවෙන මෙම සටහන අවසන් කිරීමට මවිසින් තෝරා ගනු ලබන්නේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමන් විසින් 1985 ජනවාරි 30 වන දින කරන ලද ප්‍රකාශයකි. ඒ වූ කලී ආදරය පිළිබඳ සුවිශිෂ්ඨ පාඩමකි.
”කෙනෙක් සමඟ අමනාප වෙනව යි කියන්නේ ඒ තැනැත්තා ව හිස මත තබා ගැනීමක්. ඇලීම මෙහි තවත් මුහුණුවරක්. එහෙත් කෙනෙක් ගැන ඇති වන දැඩි ආදරය මින් වෙනස් විය හැකියි. ඒ තැනත්තා හෝ තැනැත්තිය ආරක්ෂා කිරීමේ හැඟීම කෙනෙකු තුළ ඇතිවිය හැකි දෙයක්. එතැන ඇත්තේ ආත්මාර්ථය නොවේ. ආදරයයි.”
ආචාර්ය සමන් චන්ද්‍ර රනසිංහ සිය දින සටහන් ඇසුරින් ලියන ලද ‘පාඩම් පොත’ කෘතියෙන් උපුටා ගන්න ලදී. එය 2010 දී ප්‍රකාශයට පත් වූවකි.
සබෑ චරිතය වෙනුවට ව්‍යාජ චරිතය ද, සැබෑ වටිනාකම වෙනුවට ව්‍යාජ වටිනාකම ද, සබෑ ලෝකය වෙනුවට ව්‍යාජ ලෝකය ද මවා උලූප්පා දක්වන්නට පුරුදුව සිටින ලංකාවේ ප‍්‍රධාන මාධ්‍ය දහරාව, 2012 න් මේ ලෝකය විනාශ වන බව ට ද බොරු කීවේය. ජනප්‍රිය සංස්කෘතියෙන් මතුවන ඕපදූප රැුළි මත පාවී යාම හැර තමන්ටම කියා මතයක්, සංකල්පයක් නැති, සමාජයට වග කියන්නේ ද නැති, මේ ප‍්‍රධාන මාධ්‍ය දහරාව තම හිස් බවත් නිරුවතත් වසා ගන්නේ, එකක් හැරුණු විට තව එකක් වශයෙන් එවැනි බොරු කීමෙනි. ලංකාව් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ද එලෙස රටත් ජනතාවත් මුළා කරන මාධ්‍ය භාවිතාවකට වීම නිසා මේ ප‍්‍රධාන මාධ්‍ය දහරාවේ මාධ්‍යකරුවන් ලෙස පෙනී සිටින්නන් එවැනි බොරු වපුරන්නට ද බිය නැත. ආණ්ඩුවට එයින් ලැබෙන වාසිය වන්නේ රටේ ජනතාව බියට, සන්ත්‍රාසයට, මුලාවට ඇද දමන තරමට තම පාලනය පහසු වීමය. මෙරට මාධ්‍ය භාවිතාවේත් රාජ්‍ය පාලනයේත් ඇත්තේ එහෙම පසුගාමී චින්තනයකි.
ඉන්දියානු නිර්මාණයක් වන කොටි ත‍්‍රස්තවාදය සමඟ, දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයක පැටලී සිටි ලංකාව, එවැනි දෙයක් නැවත නොවෙන්නට මාර්ග සෙවිය යුතු විය. ඒ වෙනුවෙන් කරුණු සොයා බැලූ උගත් පාඩම් හා සංහිඳයාව පිළිබඳ කොමිසම කළ නිර්දේශ අතර මූළික වූයේ ලාංකික සමාජයේ සංහිඳියාව හා නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු බවය. නමුත් සංහිඳියාවට හා නීතියේ ආධිපත්‍යට රාජ්‍ය පාලනයෙන් එල්ල වී ඇති අනතුර, 2012 වසර අවසන් වන විට, ලෝක විනාශය නැමති ‘මාධ්‍ය මැවීමට’ යට වෙමින් තිබුණි. කෙසේ වෙතත් ලෝක විනාශයකින් තොරව 2013 වසර උදා වූයේ ඒ සියලූ මාධ්‍ය සංදර්ශන හා කතන්දර ඉතිහාසයේ කුණු බක්කියට වීසි කරමිනි. එය කවරාකාරයේදැයි කියනවානම් රාජ්‍ය බලයෙන් මත්ව උද්ධච්ච මමායනයෙන් කරන කියන දේ ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන ලෙසිනි. තවත් විදියකට කියනවානම් රාජ්‍ය බලය යොදාගෙන ලියවන ඉතිහාස කතාවට අත්වන අඳුරු ඉරණම පරිදිමය.
දෙමළ ජනතාව සඳහා ‘බලය බෙදීම’ යන නාටකය දැන් නැවතත් කරැළි ගැන්වී ඇත. වත්මනෙහි යළිත් ජනප‍්‍රියව අතුවා මිස මෙය අළුත් නාටකයක් නම් නොවේ. වෙනත් විදියකින් පවසන්නේ නම් මෙය මුළින්ම කරැළි ගැන්වෙන්නේ 2009 වසරේදී කොටි ත‍්‍රස්තවාදය ලබන පරාජයෙන් පසුව නොවේ. මේ සඳහා ඇත්තේ හුඟක් ඈතට යන ඉතිහාසයකි. ‘බලය බෙදීම’ නම් වූ මෙම නාට්‍ය පිටපත ලියවෙන්නේ හා අධ්‍යක්‍ෂණය කෙරෙන්නේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයෙන් ඉන්දියාව හා ලංකාව නිදහස ලැබුවාට පසුව ද නොවේ. තවත් විදියකට කියනවානම් මෙය සුදු අධිරාජ්‍ය වාදීන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද නාට්‍යක් නොවේ. ඊටත් එහාට දිවෙන ඉතිහාසයක් මෙයට ඇති නිසා ‘බලය බෙදීම’ යනු එක්තරා ආකාරයක ඓතිහාසික නාට්‍යක් යැයිද කිව හැකිය.
මෙය වත්මන් ආකාරයෙන් රඟ දැක්වෙන්නට බලපාන කතා මූලය සියවස් ගණනාවක් පැරිණියැයි කීමද නිවරදිය. දකුණු ඉන්දියාවෙන් ලංකාවට වරින් වර සිදුවන කාලිංග මාඝ වර්ගයේ ආක‍්‍රමණ වලට ද එය සීමා නොවන්නකි. පස්වැනි සියවස හරියේදී බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ සිදුකරන ‘පාලි මෙහෙයුම’ද මේ කතා මූලයේම යටගිය සංධිස්ථානයකි. එයිනුත් එහාට යනවානම් විජය ඇතුළු පිරිසගේ මෙරට කඩාවැදීම ද මේ ‘බලය බෙදීම’ නම් නාට්‍ය පිටතට මුල් වෙන ඓතිහාසික සිද්ධිමාලාවේ වැදගත් සන්ධිස්ථානයකි. මහින්දාගමනය මෙන්ම බුදුන්ගේ ලංකා ගමනයද මේ කතාමාලාව වෙනත් පැතිකඩක් නිරූපනය කරන සන්ධිස්ථානය. රාවණගේ වීරත්වය හා විභීෂණ ගේ පාවාදීම යන කතා පුවත් මඟින් ද මේ කතාවේ මූලය තවත් ඈතට ඇදී යන අයුරු පෙන්වා දිය හැකිය.
වරෙක උණුසුම් ප‍්‍රතිචාර විචාර ඇතිව ද වරෙක නිද්‍රාශීලීව ද ‘බලය බෙදීම’ නම් වූ මේ නාටකය මෙතරම් කාලයක් තිස්සේ එකදිගට වේදිකාවේ රඳවා ගන්නට හේතු වී ඇති රහස කුමක්ද? වෙනකක් නොව එහි පිටපත් රචනයේ ඇති සාර්ථකත්වය ම වේ. මේ නාට්‍ය සතු විශේෂම ලක්‍ෂණය වන්නේ නළුනිළියන් අතර ගැටුමක් හෝ නාට්‍යමය ජවනිකා එතරම් ප‍්‍රධාන නොවීමයි. මේ නම් කුමන ආකාරයේ නාට්‍ය අකෘතියක්ද යන්න හරියටම අවබෝධ කරගන්නටනම් මේ දවස්වල අති සාර්ථකව වේදිකා ගත කෙරෙන උදයසිරි වික‍්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍ය නැරඹිය යුතුය. ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේද නළු නිළියන් තනි තනිව රඟදක්වනවා (කතා පැවත්වීම) මිස සම්ප‍්‍රදායික නාට්‍යයක් සතු නළු නිළියන් අතර නාට්‍යමය සංවාදය හෝ ‘ගැටුම’ නැත. එහෙත් මේ නාට්‍ය මඟින් සාමාන්‍ය නාට්‍ය ආකෘතියකින් පැවසිය නොහැකි තරම් පළල් පරාසයක් කතන්දරයක්, ඉතිහාස කතාවක් පැවසීමට අවස්ථාව ඇත. ඒ නිසාම ඉතිහාසය පුරා සිදුවීම් එමඟින් වේදිකාවට ගෙන ආ හැකිය.
‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ මංගල දර්ශනයත් මේ නොබෝදා වේදිකාගත කළ එහි පනස්වැනි දර්ශනයත් මම නැරඹුවෙමි. වේදිකා නාට්‍ය ඉතිහාසය ගැන සලකන විට මෙය වැදගත් සංධිස්ථානයක් සටහන් කරන නාට්‍යයක් බව පළමුව සඳහන් කළ යුතුය. වේදිකා නාට්‍යක අත්‍යවශ්‍යම අංගයක් සේ සැලකෙන නළු නිළියන් අතර සංවාදය හෝ චරිත ඝට්ටනය මුළුමනින්ම ඉවත දැමීම ‘සුද්දෙක් ඔබ අමතයි‘ නාට්‍යයේ ඇති මූලික ලක්‍ෂණයකි. එසේ නාට්‍යමය ආකෘතිය අතින් විප්ලවීය වෙනසක් වූ ‘සුද්දෙක් ඔබ අමතයි’ පේ‍්‍රක්‍ෂකයාට ගැටළුවක් වී නැති බව ඒ පනස් වැනි දර්ශනය නරඹන විට මට හොඳ හැටි පසක් විණි.
එදා ටවර් රඟහළේ දී එකී පනස්වැනි දර්ශනය නරඹන විට වයස එකොලහේ හා දහ හතරේ පසුවන මගේ පුතුන් දෙනොද වූහ. හොඳ ක‍්‍රිකට් ලෝලීන් වූ ඔවුන් සංගක්කාරගේ පිති හරඹයක් දකින විට විඳින අමන්දානන්දය මුළු නාට්‍ය පුරාම විඳිනවා මම දුටුවෙමි. නාට්‍යයේ අර්ථ රසය විචාර ශීලීව ඔවුන් වටහා ගත්තායැයි මම නොසිතමි. ‘මේ නට්‍යයේ දී නළුවො දෙන්නෙක් හා එක් නිළියක් වෙන වෙනම ඇවිත් කතා පැවත්වූවා විතරයිනෙ? වෙනද බලපු නාට්‍යක වගේ නළුනිළියන් අතර සංවාදයක් තිබුණේ නැහැනෙ?’ යනුවෙන් නාට්‍ය බලා එන අතර මඟදී මා කී විට වැඩිමහල් පුත‍්‍රයා ඊට දුන් පිළිතුර මෙසේ විය. ‘සංවාදයක් තිබුණ. හැබැයි ඒ නාට්‍ය බලපු අපිත් එක්ක.’ නාට්‍යයේ අරුත කෙසේ වෙතත් නාට්‍ය ආකෘතිය දරුවන්ටත් ග‍්‍රහණය වන බව සහතික කරගන්නට ඒ ප‍්‍රකාශය හොඳටම සෑහේ. එය උදයසිරි වික‍්‍රමරත්නගේ අපූරු නාට්‍ය පිටපත මෙන්ම ජයලත් මනෝරත්න, නලින් ප‍්‍රදීප් උඩුවෙල හා මාදනී මල්වත්තගේ දක්වන අපූරු රංගන දායකත්වයේ ප‍්‍රතිඵලයයි. ලාංකික ජන සමාජයේ නිදන් ගතව ඇති කතන්දර අසන්නට ඇති රුචිය අපූරු ලෙස මෙහිදී යොදාගෙන ඇත.
ලාංකික ජන සමාජය ගැන ඉතාම පළල් විවරණයක් ගෙන එන මෙම නාට්‍ය පුරාම ඇත්තේ ‘අපට වී ඇති වින්නැහිය’ ගැන තම තමන්ට තනි තනිවම සංවාදයක හෝ ස්වයං විවේචනයක යෙදෙන්නට මඟ සලසා දීම යැයි මට හැෙඟ්. පේ‍්‍රක්‍ෂකයාට කිසිදු වෙහෙසක් නොදී එවැනි පළල් සමාජ විවරණයකට යන්නට උදයසිරි ඉදිරිපත් කරන නව නාට්‍ය ආකාතිය විශාල පිටුබලයක් වී ඇත. අපගේ විවේචන හා පහරදීම් වල මුලටම ඇත්තේ බටහිර සුදු සංස්කෘතිය වුවද, අපට පුදුම විදියට ආඩම්බර විය හැකි ඉතිහාසයක් හා සංස්කෘතියක් උරුමව ඇතැයි පැවසුනද, සමාජවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශානුරාගය ජාතික චින්තනය ආදී වශයෙන් විග‍්‍රහ කරන මතවාද ගැන අප තරම් වෙන කවුරුවත් දන්නේ නැතැයි අප සිතා ගෙන සිටිය ද වත්මන් ලාලංකික ජන සමාජයේ ‘චින්තන ලෝකය’ එදා නුවර යුගයටත් වඩා කුඩා ලිඳක ප‍්‍රමාණයක් වීම ‘අපට වී ඇති වින්නැහිය’ වේ. සුද්දෙක් ඔබ අමතයි මඟින් ඇත්තටම අමතන්නේ මෙන්න මේ වින්නැහිය වටහා ගන්නා හා නොගන්නා සැම දෙනාගේ හෘද සාක්‍ෂියට යන්න මගේ වැටහීමයි.